• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය ඇඟළුම් නිෂ්පාදනයට අවශ්‍ය උපාංග ආනයනය කිරීමේදී තීරු බදු සහන ලබා දීම
- කොවිඩ් - 19 වසංගත තත්ත්වය ය‍ටතේ වුවද, ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා දෙන ප්‍රධානතම ක්ෂේත්‍රයක් බවට ඇඟළුම් කර්මාන්තය පත්ව තිබේ. එහෙත්, අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ මේ වන විට රට තුළ පවතින අයහපත් ආර්ථික වාතාවරණය හේතුවෙන් දේශීයව නිෂ්පාදනය නොකරන, ඇඟළුම් නිෂ්පාදනයට අවශ්‍ය උපාංග ආනයනය කිරීමේදී දේශීය ඇඟළුම් නිෂ්පාදකයින්ට අභියෝග රාශියකට මුහුණ පෑමට සිදුව ඇත. ඊට පිළියමක් වශයෙන් සංයෝජිත වර්ගීකරණ (HS) කේත අංක 19ක් යටතේ වන දේශීයව නිෂ්පාදනය කරනු නොලබන උපාංග/අයිතම සඳහා තීරු බදු සහන ලබා දීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.