• Increase font size
  • Default font size
  • Decrease font size

2022-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල වියදම් කළමනාකරණය
- වර්තමානයේ රට තුළ පවතින අභියෝගාත්මක තත්ත්වයට මුහුණ දීමට හැකි වනු පිණිස රාජ්‍ය ව්‍යාපාරවල මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මූල්‍ය විනය දැඩි ලෙස සහතික කළ යුතුව ඇත. ඒ අනුව, රාජ්‍ය වියදම් පාලනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති 2022 04 26 දිනැති ජාතික අයවැය චක්‍රලේඛ අංක 03/2022ට සමගාමීව, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල වියදම් කළමනාකරණය සහ ව්‍යාපාර තිරසර බව සහතික කිරීම සඳහා චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.