• Increase font size
  • Default font size
  • Decrease font size

2022-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන (101 වන අධිකාරය) (LXVI වන පරිච්ඡේදය අවලංගු කිරීම)
- සුළු හිමිකම් අධිකරණ සඳහා විශේෂ ක්‍රියාපටිපාටියක් හඳුන්වා දෙමින් වෙනම නීතියක් කෙටුම්පත් කිරීමට සහ සුළු හිමිකම් අධිකරණ පිහිටුවීම සඳහා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතට සිදු කරනු ලබන සංශෝධන සැලකිල්ලට ගනිමින්, සුළු හිමිකම් අධිකරණ සම්බන්ධයෙන් පටිපාටික විධිවිධාන ඇතුළත් සිවිල් නඩු විධාන සංග්‍රහයේ LXVI වන පරිච්ඡේදය අවලංගු කිරීම පිණිස 2021 සැප්තැම්බර් මස 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.