• Increase font size
  • Default font size
  • Decrease font size

2022-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාව කලාපීයව සහ අන්තර්ජාතිකව බැඳී සිටින ගිවිසුම්වලට බලාත්මකභාවයක් ලබා දීමටත්, ධීවර හා ජලජ සම්පත් තිරසාර කළමනාකරණය සහ සංරක්ෂණය සඳහා වූ විධිවිධාන හඳුන්වා දීමටත් හැකි වන පරිදි දැනට බලාත්මකව පවතින ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කළ යුතු බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව, වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ධීවර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.