• Increase font size
  • Default font size
  • Decrease font size

2022-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මඩකලපුව ගුවන්තොටුපොළෙහි පියාසර පුහුණු අධ්‍යයන ආයතනයක් ස්ථාපිත කිරීම
- ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මඩකලපුව ගුවන්තොටුපොළ දේශීය ගුවන් ගමන් ගමනාන්තයක් ලෙස 2018 වර්ෂයේදී වැඩිදියුණු කර ඇති නමුත් ගුවන් යානා ගොඩබෑමේ හා නැවත්වීමේ ගාස්තුවලින් එම ගුවන්තොටුපොළ නිදහස් කර ඇති බැවින් දැනට ඉන් කිසිදු ආදායමක් උපයනු නොලබයි. එම තත්ත්වය සැලකිල්ලට ගෙන එකී ගුවන්තොටුපොළෙහි ඉඩකඩ වෙනත් ඵලදායී කටයුත්තක් සඳහා යොදා ගැනීම යෝග්‍ය බවට පෙනී ගොස් ඇත. ඒ අනුව, එම ගුවන්තොටුපොළෙහි පියාසර පුහුණු අධ්‍යයන ආයතනයක් ස්ථාපනය කිරීම සඳහා තරගකාරී පදනමින් යෝජනා කැඳවීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.