• Increase font size
  • Default font size
  • Decrease font size

2022-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන
- රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරින්ට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හි පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීම පිණිස අවස්ථාව ලබා දීම සඳහා ජපාන රජය විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන 2010 වර්ෂයේදී හඳුන්වා දී ඇත. එම වැඩසටහන යටතේ මේ දක්වා පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා අවස්ථාවන් 195ක් සහ ආචාර්ය උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා අවස්ථාවන් 10ක් ලබා දී තිබේ. එම වැඩසටහන යටතේ 2022 වසර වෙනුවෙන් ජපන් යෙන් මිලියන 282ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 761ක්) ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. ඒ සඳහා වන හුවමාරු ලිපි අත්සන් තැබීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.