• Increase font size
  • Default font size
  • Decrease font size

2022-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරක්ෂක අමාත්‍යාංශය සහ ඉන්දුනීසියානු ජනරජයේ ආරක්ෂක අමාත්‍යාංශය අතර ආරක්ෂක සහයෝගිතාව වැඩිදියුණු කිරීම සඳහා වන අභිප්‍රාය ලිපියක් අත්සන් තැබීම
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරක්ෂක අමාත්‍යාංශය සහ ඉන්දුනීසියානු ජනරජයේ ආරක්ෂක අමාත්‍යාංශය අතර ආරක්ෂක සහයෝගිතාව වැඩිදියුණු කිරීම සඳහා අන්තර් ආයතනික සහයෝගිතා ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත. ඒ සඳහා වන සාකච්ඡා සම්මුති ආරම්භ කිරීම පිණිස දෙරට අතර අභිප්‍රාය ලිපියක් අත්සන් තැබීම සඳහා ඉන්දුනීසියානු රජය විසින් යෝජනා කර ඇති අතර කෙටුම්පත් අභිප්‍රාය ලිපිය සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, එකී අභිප්‍රාය ලිපියට අත්සන් තැබීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.