• Increase font size
  • Default font size
  • Decrease font size

2022-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව ප්‍රතිස්ථාපනය සහ ආහාර සුරක්ෂිතතා කමිටුව පිහිටුවීම
- ජීවන වියදම ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසඳුම් අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ කිරීම පිණිස ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළි ස්ථාපනය කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ඒ අනුව, ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ සංයුතිය පහත සඳහන් පරිදි වනු ඇත.

* අතිගරු ජනාධිපතිතුමා - (සභාපති)
* ගරු අග්‍රාමාත්‍යතුමා
* ගරු ධීවර අමාත්‍යතුමා
* ගරු ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා
* ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා
* ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා
* ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා
* ගරු වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා

එමෙන්ම, ඉහත සඳහන් ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ කටයුතු සඳහා සහාය වීම පිණිස ගරු වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් සහ අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුව පත් කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.