• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෙට් ඒ-1 ගුවන් යානා ඉන්ධන අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහා නව සැපයුම්කරුවන් හඳුනාගැනීම
- ශ්‍රී ලංකාව වෙත හා ශ්‍රී ලංකාවෙන් බැහැරව ගුවන් යානා සඳහා අවශ්‍ය දෛනික ගුවන් යානා ඉන්ධන අවශ්‍යතාව දළ වශයෙන් ලීටර මිලියන 1.2ක් පමණ වන අතර, රට තුළ දැනට පවතින තත්ත්වය යටතේ දේශීය හා විදේශීය ගුවන් සමාගම්හි මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවම ඉන්ධන ප්‍රමාණයවත් සපයා දීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අපොහොසත් වී ඇත. මෙම තත්ත්වය යටතේ ගුවන්සේවා අක්‍රීය වීමකින් තොරව පවත්වාගෙන යාමට හැකි වන පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති ඉන්ධන බංකර්කරුවන්ට ජෙට් ඒ-1 ගුවන් යානා ඉන්ධන ආනයනය කිරීම, සැපයීම සහ අලෙවි කිරීම සඳහා අවසර ලබා දීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.