• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල් හි ස්ථාපිත සමාගම් සමඟ ඇති කර ගනු ලබන දිගුකාලීන ගිවිසුම් මත ඉන්ධන ලබා ගැනීම
- රටේ සමස්ත ඉන්ධන සැපයුමෙන් 90%කට පමණ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව දායකත්වය දරන අතර, ඉතිරි 10% ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් සපයනු ලබයි. මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් රට තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම දැඩි අභියෝගාත්මක කාර්යයක් වී ඇත. එම තත්ත්වය යටතේ ඛනිජතෙල් නිෂ්පාදනය කරනු ලබන රටවල්හි ස්ථාපිත තෙල් සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම්ගත වී මෙරට විදේශ විනිමය ගැටලුවට පීඩනයක් ඇති නොවන ආකාරයට එම සමාගම්වල අරමුදල් උපයෝගි කරගනිමින් ඉන්ධන ආනයනය කර අලෙවි කිරීම සඳහා එකී සමාගම් වෙත අවස්ථාව සලසා දීම යෝග්‍ය බවට පෙනී ගොස් ඇත. ඒ අනුව, විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් තෝරාගනු ලබන තෙල් සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම්ගත වී ශ්‍රී ලංකාව සඳහා ඉන්ධන ආනයනය, බෙදාහැරීම හා අලෙවි කිරීමට එම සමාගම් වෙත අවස්ථාව සලසා දීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.