• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම
- ඉඩම් සම්බන්ධ අක්‍රමිකතා සහ වංචා වැළැක්වීමට නව විධිවිධාන හඳුන්වා දීම පිණිස ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට 2021 ජූලි මස 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.