• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නොතාරිස් ආඥාපනත සඳහා සංශෝධන හඳුන්වා දීම
- ඉඩම් වංචා සම්බන්ධ නීති විරෝධි ක්‍රියාකාරකම් වැළැක්වීමේ අරමුණින් නව විධිවිධාන හඳුන්වා දීම සඳහා නොතාරිස් ආඥාපනත සංශෝධනය කිරීම පිණිස 2021 ජූලි මස 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නොතාරිස් උපදේශක කමිටුව විසින් සකස් කරන ලද මූලික කෙටුම්පත මත පදනම්ව, රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අදහස් ද ලබා ගනිමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.