• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇටෝර්නි බලතල ආඥාපනත සංශෝධනය කිරීම
- ව්‍යාජ සහ නීතිවිරෝධී අයුරින් ඇටෝර්නි බලතල භාවිත කර සිදු කරනු ලබන වංචනික ක්‍රියාකාරකම් අවම කිරීම සඳහා ඇටෝර්නි බලතල ආඥාපනතට සංශෝධන හඳුන්වා දීම පිණිස 2021 ජූලි මස 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.