• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වංචා වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීම
- නොතාරිස් ආඥාපනත සහ අන්තිම කැමැති පත්‍ර ආඥාපනත සඳහා සිදු කිරීමට නිර්දේශ කරන ලද සංශෝධනවලට අනුගත වන පරිදි වංචා වැළැක්වීමේ ආඥාපනතට ද යම් යම් ආනුෂාංගික සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට 2021 ඔක්තෝබර් මස 18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.