• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ළමා ආරක්ෂාව සහ යුක්තිය පිළිබඳ නව නීති හඳුන්වා දීම
- රැකවරණය සහ ආරක්ෂාව අවශ්‍ය ළමයින් සම්බන්ධ නඩු ඇසීමට හෝ නීතිය කඩ කරනු ලබන ළමයෙකුට එරෙහිව නඩු ඇසීම සඳහා අධිකරණ බලය ක්‍රියාත්මක කරන සහ ළමයින් සම්බන්ධයෙන් වෙනත් ආකාරයක අධිකරණ බලය ක්‍රියාත්මක කරන අධිකරණ ස්ථාපිත කිරීමට හැකි වන පරිදි, ළමා (අධිකරණමය ආරක්ෂාව) පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2015 පෙබරවාරි මස 18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද මූලික පනත් කෙටුම්පත විශේෂඥ කමිටු දෙකක් විසින් අධ්‍යයනය කර තවදුරටත් යෝජනා ඉදිරිපත් කර ඇත. දැනට සකස් කරනු ලැබ ඇති මූලික පනත් කෙටුම්පත සඳහා එකී යෝජනා ද ඇතුළත් කරමින් අවසන් පනත් කෙටුම්පත සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.