• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ළමුන් සහ තරුණ තැනැත්තන් පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීම
- ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය මඟින් වයස අවුරුදු 18ට අඩු තැනැත්‌තෙකු ළමයෙකු වශයෙන් අර්ථ නිරූපනය කරනු ලැබ ඇත. ඒ අනුව, එකී සම්මුතියට අනුගත වෙමින් අදාළ විධිවිධාන ඇතුළත් කරමින් ළමුන් සහ තරුණ තැනැත්තන් පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීම පිණිස 2020 සැප්තැම්බර් මස 16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එකී තීරණය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇත. ඒ අනුව, එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.