• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය
- රාජ්‍ය ප්‍රතිපත්තීන්වලට අනුගතව මගී ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහනදායී ගාස්තු ක්‍රමයක් අනුගමනය කරනු ලබයි. එහෙත්, මෑතකාලීනව ඉන්ධන මිලෙහි සිදු වූ සීඝ්‍ර ඉහළ යාම මත එම දෙපාර්තමේන්තුවේ පුනරාවර්තන පාඩුව තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් සතුටුදායක දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට හැකි වන පරිදි දෙපාර්තමේන්තුව විසින් උපයන ආදායම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, වසර පහකට (05) අධික කාලයක් තුළ සංශෝධනය කර නොමැති දුම්රිය මගී ප්‍රවාහන ගාස්තු, වසර දහ හතරකට (14) ආසන්න කාලයක් තුළ සංශෝධනය කර නොමැති බඩු ප්‍රවාහනය සඳහා හා තැපැල් ප්‍රවාහන කටයුතු සඳහා සහ වෙනත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා අය කරනු ලබන දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.