• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රජාතාන්ත්‍රික, සමෘද්ධිමත් සහ උපද්‍රවවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති ශ්‍රී ලංකාවක් සඳහා වූ වැඩසටහන
- "ප්‍රජාතාන්ත්‍රික යහපාලනය සහ සමාජ ඒකාබද්ධතාවය උදෙසා වූ සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ වැඩසටහන" සහ "තිරසාර සහ ආවරණිත ආර්ථික වර්ධනයක් ඇති කිරීමේ වැඩසටහන" සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය සහ ඇ‌මෙරිකා එක්සත් ජනපද රජය අතර 2011 වර්ෂයේදී ගිවිසුම් දෙකකට අත්සන් තබා ඇති අතර ඒ අනුව, එකී වැඩසටහන් දෙක ක්‍රියාත්මක කරනු ලැබ ඇත. ඵලදායී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්, ආවරණිත වෙළඳපොළ මත පදනම් වූ වර්ධනය සහ කම්පන හා ආතතියට ඔරොත්තු දීම සඳහා අවශ්‍ය සම්පත් ශක්තිමත් කිරීම යන ක්ෂේත්‍ර කෙරෙහි මූලික අවධානය යොමු කරමින් "ප්‍රජාතාන්ත්‍රික, සමෘද්ධිමත් සහ උපද්‍රවවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති ශ්‍රී ලංකාවක් සඳහා වූ වැඩසටහන" නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2026 වසර දක්වා බලපැවැත්වෙන ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 57ක ප්‍රදාන අරමුදල් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) මඟින් සලසා දීමේ නව ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇත. ඒ අනුව, එකී ප්‍රදානය ලබා ගැනීම සඳහා සාකච්ඡා සම්මුති පැවැත්වීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.