• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
- විධායක ජනාධිපති ක්‍රමය සඳහා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පැවරී ඇති බලතල පිළිබඳ මේ වන විට රට තුළ විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති බැවින්, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පැවති හිතකර අංගයන් යළි හඳුන්වා දෙන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. එම තත්ත්වය යටතේ මේ වන විට රට මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් විධායක ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර යම් බල තුලනයක් ඇති කිරීමට හැකි වන පරිදි පාර්ලිමේන්තුවට සහ ජනතාවට සාමූහිකව වගකියනු ලබන අමාත්‍ය මණ්ඩලයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යම් බලතල ප්‍රමාණයක් පැවරෙන අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද මූලික කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.