• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපුර තැපැල් කාර්යාල පරිශ්‍රය තුළ මිශ්‍ර සංවර්ධන නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් අනුරාධපුර තැපැල් කාර්යාල පිහිටි පර්චස් 99ක ඉඩමේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඉඩමේ වර්තමාන වටිනාකමට සරිලන පරිදි නව තැපැල් කාර්යාල පරිශ්‍රයක් තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට යටත්ව, අදාළ ඉඩම නිදහස් කිරීමට එම දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස එම ඉඩම් කොටස රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තියේ විධිවිධාන පරිදි නිදහස් දීමනාවක් ලෙස නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමටත්, ජාතික හෝ ජාත්‍යන්තර තරගකාරී ක්‍රමවේදය භාවිත කරමින් අභිලාෂ කැඳවීම් සිදු කර සුදුසු ආයෝජකයෙකු තෝරාගෙන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.