• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කටයුතු සඳහා නවීන ආවේක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම
- ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් දැනට භාවිත කරන ආවේක්ෂණ පද්ධතිය (Surveillance System) 2008 වර්ෂයේදී ස්ථාපිත කර ඇති අතර වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් එකී පද්ධතිය නවීකරණය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ලෝක බැංකු අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක වන මුල්‍ය අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට හැකියාව පවතී. ඒ අනුව, දැනට භාවිත කරන ආවේක්ෂණ පද්ධතිය ස්ථාපිත කරන ලද ලන්ඩන් කොටස් හුවමාරු සමූහයේ සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාවේ පිහිටි Millennium IT Software (Pvt) Ltd. වෙතින් සෘජු ප්‍රසම්පාදනයක් වශයෙන් යෝජනාවක් කැඳවා එකී ආවේක්ෂණ පද්ධතිය නවීකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.