• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ඉතිරිකිරීමේ බැංකුව සඳහා ආරක්ෂක සේවාවන් සපයා ගැනීමේ ප්‍රසම්පාදනය
- ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලය සහ දිවයින පුරා පිහිටි එහි ශාඛාවන් සඳහා ආරක්ෂක සේවාවන් සපයා ගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එක් එක් කාණ්ඩය අනුව සුදුසුකම් ලබා ඇති ආරක්ෂක සේවා සපයනු ලබන ආයතන වෙත අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.