• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික පාරිසරික ප්‍රතිපත්තිය අනුමත කිරීම
- 2003 වසරේ එවකට පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද “ජාතික පාරිසරික ප්‍රතිපත්තිය හා උපායමාර්ග” ප්‍රකාශය දැනට ශ්‍රී ලංකාවේ පාරිසරික ගැටලු සම්බන්ධයෙන් තීරණ ගැනීමට මග පෙන්වන ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශයයි. පසුගිය කාලසීමාව තුළ ජාතික හා ගෝලීය වශයෙන් පරිසරයට බලපානු ලබන සැලකිය යුතු වෙනස්කම් රාශියක් සිදුව තිබේ. එමෙන්ම පරිසරයේ වෙනස්කම් ඇති කරනු ලබන ආර්ථික, සාමාජීය හා සංස්කෘතික සාධක ද, පරිසරය විෂය සම්බන්ධයෙන් වන විද්‍යාත්මක දැනුම ද සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත. එම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පරිසර විෂය සම්බන්ධයෙන් වන විශේෂඥයින් සහ පාර්ශ්වකරුවන්ගේ උපදේශනයන් මෙන්ම මහජන අදහස් ද ලබා ගෙන 2003 වර්ෂයේ නිකුත් කරන ලද ජාතික පාරිසරික ප්‍රතිපත්තිය හා උපායමාර්ග, වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් යාවත්කාලීන කිරීම පිණිස පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගනු ලැබ තිබේ. ඒ අනුව සකස් කරනු ලැබ ඇති ජාතික පාරිසරික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.