• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුතුරාජවෙල පිහිටි අක්කර 10ක ඉඩම් කොටසක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා දීම
- මුතුරාජවෙල පිහිටි යුගදනවි බලාගාරයට යාබද අක්කර 10ක ඉඩම් කොටසක් මෙගාවොට් 300ක LNG විදුලිබලාගාරයක් ඉදි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දීම පිණිස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර එකී ඉඩම් කොටස මිල දී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ද ලැබී ඇත. ඒ අනුව, රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කර ඇති එකී ඉඩම් කොටසේ වෙළෙඳපොළ වටිනාකම අය කරගෙන එය ලංකා විදුලබල මණ්ඩලය වෙත බැහැර කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.