• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වගා කටයුතු සඳහා දුම්රිය රක්ෂිත ඉඩම් තාවකාලික පදනම මත ලබා දීම
- ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මුළු දුම්රිය රක්ෂිත ඉඩම් ප්‍රමාණය අක්කර 14,000ක් පමණ වන අතර, ඉන් 10%ක පමණ ඉඩම් ප්‍රමාණයක් විවිධ කාර්යයන් සඳහා බදු පදනම මත ලබා දී ඇත. ඉතිරි රක්ෂිත ඉඩම් අතුරින් දුම්රිය දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු සඳහා කඩිනමින් අවශ්‍ය නොවන සහ දුම්රිය මාර්ග හා දුම්රිය ස්ථාන ආශ්‍රිතව දුම්රිය රක්ෂිත වශයෙන් වෙන් කර ඇති වගාවට සුදුසු ඉඩම්, වගා කටයුතු සඳහා යොදා ගැනීම පිණිස තාවකාලිකව බදු පදනම මත ලබා දීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, අදාළ ප්‍රදේශවල දැනටමත් වගා කටයුතුවල නිරත වගාකරුවන්ට, දුම්රිය මාර්ග අසල පදිංචිකරුවන්ට හා අඩු ආදායම්ලාභීන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් එකී ඉඩම් කෘෂිකාර්මික පරිහරණය සහ භාවිතය සඳහා බදු පදනමින් එක් (01) වර්ෂයක කාලයක් සඳහා ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.