• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු නැඟෙනහිර පළාත්වල නොගැඹුරු මුහුදු තීරය ආශ්‍රිතව අපනයනය ඉලක්ක කර ගත් මුහුදු කූඩැල්ලන් නිෂ්පාදන ගම්මාන ස්ථාපිත කිරීම
- ස්වභාවික මුහුදු පරිසරයෙන් නෙළා ගන්නා මුහුදු කූඩැල්ලන් අපනයනය කිරීම මඟින් මෙරටට සැලකිය යුතු ලෙස විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට හැකි වී ඇත. ඒ අනුව ලද අත්දැකීම් පදනම් කර ගෙන මුහුදු කූඩැල්ලන් අභිජනන මධ්‍යස්ථාන ඉදි කිරීම, මුහුදු කූඩැල්ලන් ගොවිපොළවල් ව්‍යාප්ත කිරීම, වාණිජමය වගාවක් ලෙස මුහුදු කූඩැල්ලන් අපනයන නිෂ්පාදන ගම්මාන ස්ථාපිත කිරීම මඟින් විදේශ විනිමය ඉපැයීම් ඉහළ නැංවීම හා ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් වාණිජමය මුහුදු කූඩැල්ලන් වගා ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර ඇත. එකී ව්‍යාපෘතිය සඳහා යාපනය, මන්නාරම, කිලිනොච්චි සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවලින් අක්කර 5000ක් හඳුනාගෙන ඒවායේ අක්කර 100කින් පමණ සමන්විත මුහුදු කූඩැල්ලන් නිෂ්පාදන හා අපනයන ගම්මාන පිහිටුවීමට සහ එකී අක්කර 100ක ඉඩම් කොටස්වල අක්කර 01 බැගින් වූ මුහුදු කූඩැල්ලන් නිෂ්පාදන ගොවිපොළවල් ස්ථාපිත කරමින් අදාළ ව්‍යාපෘතිය තවදුරටත් ව්‍යාප්ත කිරීම පිණිස ධීවර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.