• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021 වර්ෂය සඳහා වන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව (අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ විධිවිධාන අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව (අවසාන අයවැය තත්ත්ව පිළිබඳ වාර්තාව) අදාළ මුදල් වර්ෂය අවසාන වීමෙන් පසු මාස 05ක් ගත වීමට පෙර නිකුත් කළ යුතු වේ. ඒ අනුව, 2021 වර්ෂය සඳහා වන එකී වාර්ෂික වාර්තාව එම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.