• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නව නියමයක් නිකුත් කිරීම
- විදේශ විනිමය ගලා යෑම් සිදු වන ඇතැම් ප්‍රාග්ධන ගනුදෙනු සඳහා මාස 06ක කාලසීමාවකට සීමා පැනවීම පිණිස 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නියමයක් නිකුත් කිරීම සඳහා 2021 දෙසැම්බර් මස 06 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නිකුත් කරන ලද ගැසට් නිවේදනය මඟින් පනවා ඇති නියෝගයෙහි වලංගු කාලසීමාව 2022 ජූලි මස 01 දිනෙන් අවසන් වීමට නියමිත ය. එකී නියමය මඟින් පනවන ලද සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිණිස නව නියමයක් නිකුත් කිරීම යෝග්‍ය බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිර්දේශ කර තිබේ. ඒ අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නව නියමයක් නිකුත් කිරීමටත්, ඉන් අනතුරුව එකී නියෝගය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.