• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කිරීම
- 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ පනවන ලද නියෝග ඇතුළත් ගැසට් නිවේදන 02ක්, 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් පනවමින් නිකුත් කරන ලද ගැසට් නිවේදන 06ක් සහ 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ අංක 02/2022 දරන ආදායම් සංරක්ෂණ ආඥාව පනවමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.