• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යූරියා පොහොර ප්‍රසම්පාදනය සඳහා ඉන්දීය අපනයන - ආනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය මාලාවක් ලබා ගැනීම
- 2022/23 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර ප්‍රසම්පාදනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය මාලාවක් ඉන්දීය අපනයන - ආනයන බැංකුව මාර්ගයෙන් ලබා දීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇත. ඒ අනුව, අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.