• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැනඩාවේ ලෝක විශ්වවිද්‍යාල සේවය සමඟ ස්වේච්ඡා සහයෝගිතා වැඩසටහන 2020-2027 ක්‍රියාත්මක කිරීම පිණිස අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
- කැනඩාවේ ලෝක විශ්වවිද්‍යාල සේවය විසින් ලොව පුරා අඩු වරප්‍රසාද ලත් තරුණයින් සහ කාන්තාවන් සඳහා අධ්‍යාපනය, රැකියා සහ සවිබල ගැන්වීම් සඳහා වන අවස්ථා නිර්මාණය කිරීමේ ස්වේච්ඡා සහයෝගිතා වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. එම වැඩසටහන වසර 30කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති අතර, දෙපාර්ශ්වය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් යටතේ 2015 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලසීමාව තුළද ඒ යටතේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. කොවිඩ් 19 ආශ්‍රිත සංචාරක සීමාවන් හේතුවෙන් පසුගිය වසර දෙක තුළ එකී වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වී නොමැති අතර, එම වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇත. ඒ අනුව, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන 10ක් යටතේ කැනේඩියානු ඩොලර් මිලියන 2.76ක ප්‍රදානයක් මඟින් අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.