• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022/23 මහ කන්නය සඳහා වී වගා කිරීමට අවශ්‍ය රසායනික හා කාබනික පොහොර ප්‍රසම්පාදනය කිරීම
- 2022/23 මහ කන්නය තුළ හෙක්ටයාර 800,000ක වී වගා කිරීමට අපේක්ෂිත අතර, ඒ සඳහා අවශ්‍ය පොහොර සපයා දීමට පියවර ගත යුතුව ඇත. 2022/23 මහ කන්නය සඳහා වී වගාව වෙනුවෙන් යූරියා මෙට්‍රික් ටොන් 150,000ක්, මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) මෙට්‍රික් ටොන් 45,000ක්, ට්‍රිපල් සුපර් පොස්පේට් (TSP) මෙට්‍රික් ටොන් 36,000ක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර තිබේ. ඒ අනුව, අදාළ පොහොර ප්‍රමාණයන් සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් ආනයනය කර ගොවීන් වෙත බෙදාහැරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.