• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1956 අංක 11 දරන රබර් පාලන පනත හා 1953 අංක 36 දරන රබර් නැවත වගා සහනාධාර පනත සංශෝධනය කිරීම
- රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 423හි විධිවිධාන පරිදි අක්‍රීයව පවතින ව්‍යවස්ථාපිත අරමුදල් වසා දැමීම පිණිස අවශ්‍ය නීති සංශෝධනය කළ යුතු බවට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව, 1956 අංක 11 දරන රබර් පාලන පනත යටතේ පිහිටුවා ඇති රබර් පාලන අරමුදලත්, 1953 අංක 36 දරන රබර් නැවත වගා සහනාධාර පනත යටතේ ස්ථාපිත කර තිබූ රබර් නැවත වගා අරමුදලත් ඈවර කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබ ඇත. එම අරමුදල් සම්බන්ධයෙන් එකී පනත්වල ඇතුළත් විධිවිධාන තවදුරටත් පැවතීම අවශ්‍ය නොවන බැවින් එම පනත් දෙක සංශෝධනය කළ යුතුව තිබේ. ඒ අනුව, 1956 අංක 11 දරන රබර් පාලන පනත හා 1953 අංක 36 දරන රබර් නැවත වගා සහනාධාර පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.