• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා මහා භාණ්ඩාගාරයේ නියෝජිතයෙකු සහ විෂයභාර අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ඔහුගේ නියෝජිතයෙකු පත් කිරීමට හැකි වන ලෙස විධිවිධාන ඇතුළත් කරමින් 1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත සංශෝධනය කිරීම පිණිස 2021 01 04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.