• Increase font size
  • Default font size
  • Decrease font size

2022-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම
- පවතින අයහපත් ආර්ථික වාතාවරණය හේතුවෙන් මහජනතාවට මුහුණ පෑමට සිදුව ඇති පීඩාවන් හැකි පමණ අවම කිරීම සඳහා සමෘද්ධිලාභීන්ට, වතු ජනතාවට, විශ්‍රාමිකයින්ට හා රජයේ සේවකයින්ට 2022 වර්ෂය ආරම්භයේදී රජය විසින් සහන පැකේජයක් හඳුන්වා දෙන ලදී. ඒ සඳහා වන වියදම් දැරීමට මෙන්ම අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, රුපියල් බිලියන 695ක ප්‍රතිපාදන ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ "අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම්" ව්‍යාපෘතිය යටතේ සලසා ගැනීම සඳහා පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.