• Increase font size
  • Default font size
  • Decrease font size

2022-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- නීතිමය නොවන විදේශ විනිමය වෙළෙඳපොළ කටයුතු පුළුල්වීම මැඩලීමට සහ රේගු නිෂ්කාශනයේදී ආනයන සඳහා වටිනාකම අඩු ඉන්වොයිස් ඉදිරිපත් කිරීම වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තෝරාගත් ඇතැම් ගෙවීම් ක්‍රම සඳහා සීමාවන් හඳුන්වා දීමට යෝජනා කර ඇත. ඒ අනුව, විවෘත ගිණුම් ගෙවීම් ක්‍රම, භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම, ගෙවීම් මත ලේඛන ගෙවීම් ක්‍රම සහ පිළිගැනීම් මත ලේඛන ගෙවීම් ක්‍රම සීමා කිරීමට හැකි වන පරිදි 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ "2022 අංක 07 දරන ගෙවීම් ක්‍රම සඳහා වූ ආනයන පාලන රෙගුලාසි" පනවමින් 2022 මැයි මස 06 දින ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද එවැනි රෙගුලාසියක් ප්‍රකාශයට පත් කළ දින සිට මාසයක් ඇතුළත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව පාර්ලි‍මේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව, 2022 අංක 07 දරන ගෙවීම් ක්‍රම සඳහා වූ ආනයන පාලන රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.