• Increase font size
  • Default font size
  • Decrease font size

2022-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත සහ 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත යන පනත් සංශෝධනය කිරීම
- 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත සහ 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත යන පනත් යටතේ ලබාදෙන ප්‍රදානයන් සහ තීන්දුවලට එරෙහිව අභියාචනා, ප්‍රතිශෝධන සහ රිට් අයදුම්පත් ගොනු කිරීමේදී ඇප මුදලක් තැන්පත් කළ යුතු වන පරිදි අදාළ විධිවිධාන පැනවීමට හැකි වනු පිණිස එකී පනත් සංශෝධනය කිරීම සඳහා 2021 මාර්තු මස 08 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත් සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.