• Increase font size
  • Default font size
  • Decrease font size

2022-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රසායනාගාර උපකරණ, පාරිභෝජ්‍ය භාණ්ඩ හා ප්‍රතික්‍රියාකාරක සැපයීම පිණිස ලංසු ඉදිරිපත් කර ඇති සැපයුම්කරුවන් සඳහා ගෙවීම් කිරීම
- රටේ පවතින ආර්ථික තත්ත්වය හේතු කරගෙන විනිමය අනුපාතවල සිදු වන හදිසි ඉහළ යාම්වලට අනුව ණයවර ලිපි විවෘත කර ඇති ඖෂධ හා ශල්‍ය වෛද්‍ය උපකරණ නිෂ්කාශනය කරනු ලබන දිනට පවතින විනිමය අනුපාත අනුව ගෙවීම් කිරීම සඳහා 2022 අප්‍රේල් මස 25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, රසායනාගාර උපකරණ, පාරිභෝජ්‍ය භාණ්ඩ හා ප්‍රතික්‍රියාකාරක ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කර ඇති සැපයුම්කරුවන් සඳහා ද එකී ක්‍රමවේදය අනුගමනය කරමින් ගෙවීම් කිරීමටත්, මේ වන විට රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් මිල ගණන් කැඳවා ලංසු විවෘත කර ඇති ප්‍රසම්පාදනයන් ද ඇතුළුව අනෙකුත් අදාළ සැපයුම්කරුවන්ට ද ණයවර ලිපිවලට අදාළ ගෙවීම් කරනු ලබන දිනට පවතින විනිමය අනුපාතය පදනම් කර ගෙන ගෙවීම් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.