• Increase font size
  • Default font size
  • Decrease font size

2022-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022 නිරිත දිග මෝසම් කාලය තුළ සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ වියළි තොග නෞකාවන් සේවයේ යෙදවීම
- ලංකා නැව් සංස්ථාව සතු Mv.Ceylon Breeze සහ Mv.Ceylon Princess යන නෞකා දෙක 2022 නිරිත දිග මෝසම් කාලය තුළ ජාත්‍යන්තර කුලී වෙළෙඳපොළ තුළ සේවයේ යෙදවීම පිණිස අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම නෞකා දෙක වාණිජ කළමනාකරණ ක්‍රමවේදය යටතේ එකී කාලසීමාව තුළ සේවයේ යෙදවීම පිණිස වන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s Wallem Shipping Pte Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.