• Increase font size
  • Default font size
  • Decrease font size

2022-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022 2024 කාලපරිච්ඡේදය සඳහා වූ ගෝලීය අරමුදල සමඟින් වන මූලික ගිවිසුම
- ගෝලීය සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති ඒඩ්ස්, ක්ෂය රෝගය හා මැලේරියාව යන බෝවන රෝග 3 මැඬපැවත්වීමේ අරමුණින් 2002 වර්ෂයේදී "ඒඩ්ස්, ක්ෂය රෝගය හා මැලේරියාව සමඟ සටන් කිරීම සඳහා වූ ගෝලීය අරමුදල" ස්ථාපිත කරනු ලැබ ඇත. 2003 වර්ෂයේ සිට එම අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 114ක අරමුදල් සලසා දීම සඳහා ගිවිසුම් 24කට එළඹ ඇත. ඒ අතුරින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගිවිසුම් 15කට එළඹ ඇති අතර, ශ්‍රී ලංකා ජාතික සර්වෝදය සංගමය, නිවර්තන හා පාරිසරික රෝග හා සෞඛ්‍ය ආශ්‍රිත පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා පවුල් සැලැසුම් සංගමය ඉතිරි ගිවිසුම්වලට අත්සන් තබා ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 88.3ක ප්‍රදානයන් සඳහා ගිවිසුම්වලට එළඹ ඇති අතර, ඒ අතුරින් 2021 ඔක්තෝබර් මස 31 දින වන විට ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 71ක ප්‍රදානයන් භාවිත කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. ගෝලීය අරමුදල විසින් 2022 2024 කාලපරිච්ඡේදය සඳහා තවත් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 9.4ක ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එකී ප්‍රදානය ලබා ගැනීම සඳහා අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීම පිණිස ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලද ‍අතර, අමාත්‍ය මණ්ඩලය විසින් ඒ සඳහා එකඟතාව පළ කරන ලදී.