• Increase font size
  • Default font size
  • Decrease font size

2022-05-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ කොරියානු ජනරජයට සේවකයන් යැවීම සහ භාරගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුම දීර්ඝ කිරීම
- රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ කොරියානු ජනරජයට සේවකයන් යැවීම සහ භාරගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට දෙරට අතර අත්සන් තබා ඇත. එකී ගිවිසුම යටතේ ශ්‍රී ලාංකිකයින් සඳහා දකුණු කොරියාවේ අවුරුදු 04ක් සහ මාස 10ක රැකියා අවස්ථාවන් හිමිවන අතර, සේවකයින්ගේ කාර්යසාධනය මත පදනම්ව එම කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට හැකියාව පවතී. අදාළ අවබෝධතා ගිවිසුම වර්ෂ දෙකකට වරක් අලුත් කරනු ලැබිය යුතු අතර, මීට පෙර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමේ නියමයන් හා කොන්දේසි යටතේම තවත් වසර 02ක් හෝ කොරියානු ජනරජය එකඟවන්නා වූ තවත් කාලසීමාවක් සඳහා නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.