• Increase font size
  • Default font size
  • Decrease font size

2022-05-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියානු අපනයන - ආනයන බැංකුවේ සහය යටතේ ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා කෙටි කාලීන ණය මාලාවක් ලබා ගැනීම
- රට තුළ පවතින ආර්ථික තත්ත්වය යටතේ මෙරටට අවශ්‍ය ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ඉන්දියානු රජයේ අපනයන - ආනයන බැංකුවේ සහාය මත ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක කෙටි කාලීන ණය පහසුකමක් ද, ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සහාය යටතේ තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ද ලබා ගැනීම සඳහා මේ වන විට කටයුතු කරනු ලැබ ඇත. එසේම, දැනට පවතින විදේශ විනිමය හිඟය පියවා ගනිමින් අවශ්‍ය ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ඉන්දියානු අපනයන - ආනයන බැංකුවේ සහාය යටතේ තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක කෙටි කාලීන ණය මාලාවක් ලබා ගැනීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.