• Increase font size
  • Default font size
  • Decrease font size

2022-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව
- නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්වය යටතේ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට 2020-09-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ අනුව, එම කමිටුවේ මූලික වාර්තාව 2022-04-25 දින අතිගරු ජනාධිපතිතුමා වෙත භාර දී ඇත. එකී වාර්තාවේ ඇතුළත් කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පහත සඳහන් අමාත්‍යවරුන්ගෙන් සමන්විත අනුකාරක සභාවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී:

* ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා
විදේශ කටයුතු අමාත්‍ය - (සභාපති)

* ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

* ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමා
ධීවර අමාත්‍ය

* ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මැතිතුමා
අධ්‍යාපන අමාත්‍ය සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය

* ගරු අලි සබ්රි මැතිතුමා
මුදල් අමාත්‍ය සහ අධිකරණ අමාත්‍ය