• Increase font size
  • Default font size
  • Decrease font size

2022-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කඩිනම් ආයෝජන අවස්ථා හඳුනාගැනීම
- රට තුළ දැනට පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් කඩිනමින් විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට හැකියාව පවතින ආයෝජන අවස්ථාවන් හඳුනා ගැනීම පිණිස පහත සඳහන් අමාත්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

* ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා මැතිතුමා
ජනමාධ්‍ය අමාත්‍ය - (සභාපති)

* ගරු දිලුම් අමුණුගම මැතිතුමා
ප්‍රවාහන අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍ය

* ගරු කංචන විජේසේකර මැතිතුමා
බලශක්ති අමාත්‍ය සහ විදුලිබල අමාත්‍ය

* ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා
වරාය හා නාවික අමාත්‍ය

* ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා
නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය