• Increase font size
  • Default font size
  • Decrease font size

2022-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රට තුළ දැනට උද්ගතව පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවට පත් වී ඇති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීම
- රට තුළ දැනට උද්ගතව පවත්නා ආර්ථික අර්බුදය හමුවේ සමෘද්ධි, වැඩිහිටි, වකුගඩු හා ආබාධිත දීමනා ලබන අඩු ආදායම්ලාභී පවුල් දැඩි අපහසුතාවකට ලක් වී ඇති බැවින් එම පවුල් සහ එම දීමනා ලබා ගැනීම පිණිස පොරොත්තු ලේඛනවල සිටින පවුල් සඳහා කඩිනමින් සහන සැලසීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ ඇත. ලෝක බැංකු සමූහයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල අවිනිශ්චිත හදිසි ප්‍රතිචාර සංරචකයන් මඟින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමට එකඟතාව ලැබී තිබේ. ඒ අනුව, හඳුනාගනු ලබන ප්‍රතිලාභී පවුල් සඳහා මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා අදාළ සහන සැලසීම පිණිස විශේෂ මුදල් දීමනාවක් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යතුමා සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.