• Increase font size
  • Default font size
  • Decrease font size

2022-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංව‍ර්ධන පනත යටතේ ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය
- විවිධ ආයතන විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර අනුකූලතාව අදාළ වන භාණ්ඩ සඳහා පහසුකම් සැලසීම පිණිස නව ජාතික උපබෙදුම් සංයෝජිත රේගු සංකේතාංක (HS National Sub Divisions) කාණ්ඩ කිහිපයක් අලුතින් ඇති කරනු ලැබ තිබේ. එලෙස ඇති කරන ලද රේගු සංකේතාංක 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ ආඥාපනතේ විධිවිධාන පරිදි 2022-01-11 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඇත. ඉන් අනතුරුව, එකී නව ජාතික උපබෙදුම් සංයෝජිත රේගු සංකේතාංක, මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව සහිතව 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වෙළෙඳ අමාත්‍යතුමා විසින් නියෝගයක් වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 2022-01-11 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද එකී නියෝගය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.