• Increase font size
  • Default font size
  • Decrease font size

2022-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- 2021 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව මුදල් මණ්ඩලය විසින් 2022-04-29 දින ගරු මුදල් ඇමතිතුමා වෙත ඉදිරිපත් කර ඇත. මුදල් නීති පනතේ විධිවිධාන පරිදි පාර්ලිමේන්තු සැසිවාරයන් පැවැත්වෙන්නේ නම් වාර්ෂික වාර්තාව ලැබී දින 14ක් ඇතුළත මුදල් ඇමතිතුමා විසින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වේ.ඒ අනුව, 2021 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.