• Increase font size
  • Default font size
  • Decrease font size

2022-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනත සංශෝධනය කිරීම
- ජල සම්පාදන ක්ෂේත්‍රයේ වර්තමාන සහ අනාගත අභියෝගයන්ට මුහුණ දීමට හැකි වන පරිදි 1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ සඳහා මූලික කෙටුම්පතක් සකස් කිරීම පිණිස ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීම සඳහා 2021-07-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. එම කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක‍ට උපදෙස් දීම පිණිස ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.