• Increase font size
  • Default font size
  • Decrease font size

2022-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- 2022 මාර්තු මස 10 දින සිට ක්‍රියාත්මක වන පරිදි තෝරාගත් අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන භාණ්ඩ ආනයනය පාලනය කිරීම සඳහා 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2022 අංක 06 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි 2022-04-09 දිනැති අංක 2274/42 දරන අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇත. එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.