• Increase font size
  • Default font size
  • Decrease font size

2022-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
"නැඳුන්ගමුවේ රාජා" හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
- දිවයිනේ ප්‍රධාන සිද්ධස්ථාන රාශියක විවිධ පෙරහැර මංගල්‍යයන් සඳහා සහභාගි වී ඇති සහ 2005 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා 13කදී ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර කරඞුව වැඩම කරවූ මංගල හස්තිරාජයා වන "නැඳුන්ගමුවේ රාජා" හස්තිරාජයා 2022-03-07 දින ජීවිතක්ෂයට පත් විය. මේ වන විට එම හස්තිරාජයාගේ මෘත ශරීරය සංරක්ෂණය කර තැබීමට අවශ්‍ය පියවර ගනිමින් පවතී. මෙරට සංස්කෘතික උත්සවයන් සඳහා ලබා දෙන ලද දායකත්වය සැලකිල්ලට ගෙන "නැඳුන්ගමුවේ රාජා" හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.